උසස් පෙළ සහ 5 ශිෂ්‍යත්වය කල් දැමීමේ තීරණයක් නෑ

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) සහ පහ වසර ශිෂ්‍යත්ව විභාග පැවැත්වීම කල් දැමීමේ සූදානමක් නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. පාසල් අද (15) ආරම්භ කෙරෙන අතර පාසල්වල පහ වසර සහ උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුන් හා උගන්වන ගුරුවරුන් පිළිබඳව විදුහල්පතිවරු මගින් සංගණනයක් පැවැත්වීමට අපේක්ෂා කරන අතර එමගින් සිසුන් සාධනීය මට්ටමට පැමිණ ඇත්දැයි නිරීක්ෂණය කෙරෙනු ඇතැයි ඒ මහතා සඳහන් කළේය.අවස්ථා කිහිපයකදී ම කොවිඩ් අවදානම නිසා කඩින්කඩ පාසල් වැසීමට සිදු වූ බවත් රටේ සියලුම පාසල් විවෘත කර පවත්වාගෙන යෑම ආරම්භ කළ පසු දරුවන්ගේ දැනුම මට්ටම පිළිබඳ නිරන්තර ඇගයීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බවත් ලේකම්වරයා පැවසීය.

ඉදිරි කාලය තුළ දරුවන්ට විෂය කරුණු ආවරණය කරගැනීමට හැකිවේ ද යන්නට අවධානය යොමු කරන බව සඳහන් කළ මහාචාර්ය කපිල පෙරේරා කොවිඩ් තත්ත්වය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුව ඇතැයි ද පැවසීය.මේ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකෙරෙන බව සහ දරුවන් බොහොමයක් විභාගයට පෙනී සිටීමේ අපේක්ෂාවෙන් පසුවන බව හෙතෙම සඳහන් කළේය.

පහ වසර විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමේ වෙනසක් සිදුකර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පුළුල් ලෙස කරුණු අධ්‍යයනය කරමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07