උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය මෙන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය නොවැම්බර් මස 27 වනදා ආරම්භ වී දෙසැම්බර් මස 21 වනදා අවසන්වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පැවසුවේ.