තවත් කොවිඩ් මරණයක් වාර්තාවේ

මෙරට 526වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි කනත්තේවැව  ප්‍රදේශයේ පදිංවිව සිටි කාන්තාවකි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී ඊයේ (12) මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර බ්‍රොන්කෝ නියුමෝනියාව සහ ලේ විෂවීම බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?