කැබිනට් අනුමැතියෙන් කෲඩියා සෙලනිකා ගස ඉවත් කරයි

කෲඩියා සෙලනිකා ගස ඉවත් කිරීමට රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට බාධාවක් වී තිබීම හේතුවෙන් එම ගස ඉවත් කළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය වෙත තමන් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ තීරණය ගත් බවයි.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ අද (11) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති පාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.