කුලි ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියදුරන් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

කුලි ගමන් යන මුවාවෙන් තීරෝද රථ රියදුරන් රැගෙනවිත් තියුණු ආයුධ පෙන්වා මරණීය තර්ජනය කර පහර දී ඔවුන් සතු දේපළ සහ තීරෝද රථ කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකේ තිබී කඩුවක් මන්නයක් සහ උල් පිහියක් පොලිස් භාරයට ගෙන ඇති අතර මීට දින කීපයකට ඉහතදී පානදුර නගරයේ සිට කුලී ගමනක් යන මුවාවෙන් තී රෝද රථයට ගොඩ වූ පුද්ගලයන් සිවුදෙනකු අලුබෝමුල්ල පමුණුගම තොටුපොළ තොටුපොල අසල කැලෑ කැලෑබද ප්‍රදේශයට රැගෙන විත් තියුණු ආයුධ එල්ල කර මරණීය තර්ජනය කර බිය ගන්වා පහර දී ඔවුන් සතු ජංගම දුරකථන මුදල් පසුම්බි මෙන්ම ත්‍රී රෝද රථ දෙකක් කොල්ලකෑම සම්බන්ධයෙන් පැය දෙකක් පමණ කාලයක් තුළදී ලද පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පාණදුර වෑකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.

එම සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී කොල්ල කන ලද තීරෝද රථ දෙක හා තියුණු ආයුධ එක් සැකකරුවකුගේ නිවස පිටුපස සඟවා තිබියදී සොයා ගෙන ඇත.සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙක් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු මත හඳුනාගෙන ඇති අතර ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි පොලිසිය කියයි

සැකකරුවන් තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ය. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

අලුබෝමුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි