ඕස්ට්රේලියානු ස්වෛරී දේශසීමා මෙහෙයුම් පිළිබද ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරිවරයා වූ රියර් අද්මිරාල් ජස්ටින් ජෝන්ස් මහතා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්රියන්ත පෙරේරා මහතා හමුවුණා.
මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව ඕස්ට්රේලියාවට සිදු කෙරෙන මිනිස් ජාවාරම් මැඩ පැවැත්වීමට ශ්රී ලංකා නාවික හමුදාව හා ඕස්ට්රේලියා දේශසීමා බලකාය සිදුකරන ඒකාබද්ධ මෙහෙයුම් මෙන්ම ජනාතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම ඇතුළු වැදගත් කරුණු කිහිපයක් පිළිබද මෙහිදී අදහස් පළ කෙරුණා.
