බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් තබයි

තමා බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කරනවා.

කළුතර පැවති උත්සවයක දී අමාත්‍යවරයා ඒ බව සඳහන් කළා.

මෙරට මද්‍රසා පාසල් දහසක අධික ප්‍රමාණයක් ඇති බවත් ඒවා ද තහනම් කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.