කතරගම වැඩිහිටිකන්ද පහළ මළුවේ සිට ඉහළ මළුව දක්වා ගමන් ගන්නා අතුරු මාර්ගයේ දී කැබ් රථයක් පෙරළී යාමෙන් අද (03) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.
බැතිමතුන් රැගෙන යාම සඳහා යොදවා තිබූ කැබ් රථයක් ඉහළ මළුව දෙස සිට පහළ පාළුව දෙසට ගමන් කරමින් තිබිය දී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ දී රියදුරු සමඟ කාන්තාවන් 07 දෙනෙක් සහ වයස අවුරුදු 10ක ගැහැණු ළමයෙක් සිට ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් රථයේ සිටි සියලුම දෙනා තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වව්නියාව සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
2
+1
3
+1
2
+1
1













