මේ දිනවල ශ්‍රී ලංකාවේ ද කොරෝනා එන්නත්කරණය සඳහා යොදාගන්නා ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවීමට මේ වනවිට රටවල් 09ක් පමණ පියවරගෙන ඇතැයි වාර්තා වනවා.
ඩෙන්මාර්කය, අයිස්ලන්තය සහ නෝර්වේ ඇතුළු රටවල් කිහිපයක් රුධිර කැටි ගැසීම් පිළිබඳ වාර්තා ගණනාවක්නිසා මෙම එන්නත මුලින්ම නතර කළ අතර යුරෝපයෙන් පැතිර ගිය බිය අවට රටවල් හා ආසියාතික රටවලට ද පැතිර ගොස් තිබේ. මේ නිසා පෘතුගාලය, මෙක්සිකෝව පිලිපීනය ඕස්ට්‍රේලියාව බල්ගේරියාව හා තායිලන්තයද මේ වනවිට එන්නත්කරණය තාවකාලිකව නතර කර තිබේ.එක් මාරාන්තික සිද්ධියක් ඇතුළුව රට තුළ ලේ කැටි ගැසීම් පිළිබඳ වාර්තා ගණනාවකට පසු ඩෙන්මාර්කය බ්‍රහස්පතින්දා සති 02ක අත්හිටුවීමක් නිවේදනය කළ අතර අයිස්ලන්තය සහ නෝර්වේ ද එය අනුගමනය කළ නමුත් ඔවුන්ගේ අත්හිටුවීම් කොපමණ කාලයක් පවතිනු ඇත්දැයි දන්වා නැත.ඩෙන්මාර්ක් සෞඛ්‍ය අමාත්‍ය මැග්නස් හියුනික් මේ විරාමය “පූර්වාරක්ෂා උපක්‍රමයක්” බව පැහැදිලි කරමින් කියා සිටියේ තවමත් නිගමනවලට එළඹිය නොහැකි බවයි.
එන්නතේ අහිතකර ආරංචි ඇමරිකාවේ සීඑන්එන් ඇතුළු මාධ්‍ය වාර්තා කරද්දී එන්නතේ නිජබිම වන බ්‍රිතාන්‍යෙය් බීබීසී ඇතුළු මාධ්‍ය එහි නිර්දෝෂීභාවය ගැන පුවත් මවමින් සිටී. රුධිරය කැටිගැසීමේ අවදානම තහවුරු කිරීමට ප්‍රමාණවත් සාධක මෙතෙක් ලැබී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය උපුටමින් බීබීසිය මේ ගැන වාර්තා කර තිබේ. යුරෝපයේ පුද්ගලයන් ලක්ෂ 50ක් පමණ එම එන්නත ලබාගෙන ඇති අතර ඉන් ඉතා සීමිත පිරිසක් ලේ කැටි ගැසීමේ තත්ත්වයට ලක්ව ඇති බව එම වාර්තාවේ දැක්වේ. ඉතාලියේදී පමණක් එමගින් එක් මරණයක් වාර්තා වී ඇතැයි කියා තිබේ. මිලියන 10 කට වඩා වැඩි වාර්තා ගණනක් අධ්‍යයනයට අනුව එවන් අවදානමක් පිළිබද නිශ්චිත කරුණු නොමැති බව ඔවුන් පෙන්වාදී තිබේ.

Countries should not stop using AstraZeneca’s Covid-19 vaccine over fears it causes blood clots as there is no indication this is true, the World Health Organization says.
Bulgaria, Denmark and Norway are among the countries that have paused its use.
But on Friday a WHO spokeswoman said there was no link between the jab and an increased risk of developing a clot.
Margaret Harris said it was an “excellent vaccine” and should continue to be used.