මියගිය මුණුපුරාගේ මළ මිනිය සමඟ මිත්තණිය දින 10ක් නිවසක් තුළ (ඡායාරූප)

දින 10ක පමණ කාලයක් මියගිය තම මුණුපුරාගේ මෘත ශරීරය සමඟ නිවසේ ජීවත් වූ කාන්තාවක් පිළිබද පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මොහ්රිපූර්වා ප්‍රදේශයේ 65 හැවිරිදි කාන්තාවක් සිය 17 හැවිරිදි මුණුපුරාගේ මෘත ශරීරය සමඟ මෙලෙස නිවස තුළට වී සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම කාන්තාව පදිංචිව සිටි නිවසින් දුර්ගන්ධයක් වහනය වන බවට අසල්වැසියන්ගෙන් පොලිසියට ලද පැමිණිල්ලකින් පසු සිදුකළ සොයා බැලීමක දී මේ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

ඒ, අනුව පසුගිය ඉරිදා පොලිසිය පැමිණ සොයාබලන විටත් මියගොස් සිටි මුණුපුරාගේ මෘත ශරීරය දැඩිලෙස නරක් වී තිබූ බවටයි දැක ගැනීමට හැකිව ඇත්තේ.

මියගොස් සිටි ප්‍රියංෂු නැමැති 17 හැවිරිදි මුණුපුරාගේ මරණයට හේතුව සොයාගැනීම සඳහා මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කිරීමට පොලිස් නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

මිතිලේෂ් නමැති 65 හැවිරිදි මිත්තණිය මානසික සෞඛ්‍ය ඇගයීමක් සඳහා යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
2
+1
15
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?