ඉදිරි සති අන්තයේ කොළඹ අය ගෙරද ඉන්න – විශේෂ දැනුම්දීමක්

ඉදිරි සති අන්තයේ කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ඩෙංගු මර්දනය සඳහා විශේෂ පවිත්‍රතා වැඩසටහනක් ක්‍රියාත්මක ‍කරන බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුවේ සභාපති, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පවසනවා.

ඒ, අනුව නිවසේ රැඳී සිටිමින් ඒ සඳහා සහාය ලබාදෙන ලෙසයි රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය පිළිබඳව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ දී දී අද (25) පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවා.

එම වැඩසටහනෙන් අනතුරුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සතියක් පුරා කීට පරීක්ෂාවන් සිදුකෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසැල්, පූජණීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත්හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා විශේෂිත දින වෙන් කරමින් මෙම වැඩසටහන බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කෙරෙනවා.

අනෙකු පළාත් සඳහා ඔවුන්ට ආවේණික ගැටලු හදුනාගෙන විශේෂිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට දිරිමත් කරන බවද ඇය සඳහන් කළා.

ඩෙංගු රෝගය පැතිරීම දේශගුණික තත්ත්වය සමඟ ඉහළ ගොස් ඇති බවත්, මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් කොවිඩ් මෙන් ඩෙංගු රෝගයද මාරාන්තික තත්ත්වයකට පත් විය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවා.

ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 47,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, ඒ අතරින් 50%ක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
3
+1
15
+1
4
+1
4
+1
8
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17