කැළණියේ වෙඩි තැබීමක්

කැළණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ දී අද (25) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් අදාළ වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කළා.