තීරණාත්මක තරගය ජයගන්න අයිරීෂ්වරුන්ට ප්‍රබල ඉලක්කයක්

එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 05ක් තුළ සියල්ලන් දැවී ලකුණු 325ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී සිය පිත්තෙන් අඟනා දායකත්වයක් ලබාදුන් දිමුත් කරුණාරත්න පන්දු 103කට මුහුණ දෙමින් ලකුණු 103ක් රැස් කළේ තම එක්දින දිවියේ මංගල ශතකය ද අද වාර්තා කරමින්.

දිමුත්ට අඟනා සහායක් ලබාදුන් සධීර සමරවික්‍රම ලකුණු 82ක් රැස්කළා.

චරිත් අසලංක ලකුණු 30ක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා ඉනිම අවසන් වනතෙක් කඩුල්ලේ රැඳී සිටි ධනංජය ද සිල්වා නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 42ක්.

පන්දු යැවීමේ දී මාර්ක් ඇඩෙයාර් කඩුලු 04ක් සහ බැරී මැකාති ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 03ක් දවාගත්තා.

ඒ, අනුව සිම්බාබ්වේ බුලවායෝ හිදී පැවැත්වෙන මෙම තරගය ජයගැනීමට අයර්ලන්ත කණ්ඩායමට ලකුණු 326ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

යම් ආකාරයකින් තීරණාත්මක මෙම තරගය අයර්ලන්තය පරාජය වුවහොත් තරගාවලියෙන් ඉවත්ව යෑමට අයර්ලන්තයට සිදුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවේ උත්පත්තිය මාලිමාව - චමින්ද විජේසිරි සැරටම අමතයි
06:49
Video thumbnail
ස්මාරකය ළඟට යන්න ගිය විමල්ව පොලිසිය නැවැත්තුවේ මොන ජගතගෙන් අහලද ?
05:30
Video thumbnail
බිඳපු ල##ක් නෑ - මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
21:37
Video thumbnail
මහින්දට රණවිරු සැමරුමට ආරාධනා කළානම් අනිවාර්යෙන්ම එනවා..කුහකයෝ සෙට් එකක් තමයි ඉන්නේ
03:04
Video thumbnail
පොහොට්ටුව ඔය උසිගන්වන වැඩවල නෑනේ - අනාත වෙච්ච ඒවා අරගෙන නඩත්තු කරන කණ්ඩායම් නෑ
13:03
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19