දිල්ලි දුම්රියපොළේ දී විදුලි සැර වැදී කාන්තාවක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ඊයේ රාත්‍රියේ සිට නොකඩවා ඇදහැලෙන වර්ෂාවත් සමඟ නවදිල්ලි දුම්රිය ස්ථානයේ ජල ගැලීම් මධ්‍යයේ විදුලිසැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ නැගෙනහිර දිල්ලියේ ප්‍රීත් විහාර්හි පදිංචි සක්ෂි අහුජා නැමැති කාන්තාවක් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම කාන්තාව තවත් කාන්තාවන් දෙදෙනකු සහ දරුවන් තිදෙනකු සමඟින් අද (25) අලුයම 5:30 ට පමණ දුම්රිය ස්ථානයට පැමිණ ඇත්තේ අධික වැසි මධ්‍යයේයි.

එලෙස පැමිණි මෙම කාන්තාව වර්ෂාවත් සමඟ නවදිල්ලි දුම්රිය ස්ථානයට ගැලූ ජලයෙන් වැළකී සිටින්නට අසල තිබූ විදුලි කණුවක් අල්ලාගෙන සිට තිබෙනවා.

එම අවස්ථාවේ දී ඇයට මෙලෙස විදුලි සැර වැදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එහිදී ඇයව වහාම රෝහල වෙත ගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරයා ඇය මියගොස් ඇති බව පවසා තිබෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සක්ෂි අහුජාගේ සොහොයුරිය අදාළ බලධාරීන්ගේ නොසැලකිල්ල සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කර ඇති බවයි රටම මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.

දුම්රිය ස්ථානයට පැමිණ සක්ෂි විසින් අල්ලාගෙන සිටි කණුවේ පතුලේ නිරාවරණය වූ විදුලි කම්බි දැකගන්නට තිබී ඇති අතර, එය අනතුරට හේතු වන්නට ඇතැයි සැක කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23