කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් රැගෙන යන ගුවන් යානා ප්‍රමාදයට ස්ථීර විසදුමක්

කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයින් රැගෙන යන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා ප්‍රමාදවීම හේතුවෙන්
ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකිවීමේ ගැටලුවට ස්ථිර විසදුමක් අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් ලබාදී තිබෙනවා.

ඊයේ දිනයේත් මෙම ගුවන් යානා ප්‍රමාදය හේතුවෙන් ශ්‍රමිකයින් කොරියාවට යැවීමට නොහැකිවීමේ ගැටලුවක් පැන නැගුණා.

අමාත්‍යවරයා සඳහන් කළේ කොරියාව හා ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට කොරියානු රජය සමග සාකච්ඡා කර ඇති බවයි.

තවත් මාස දෙකක් වැනි කාලයක් තුළදී කොරියානු රැකියා සදහා යන ශ්‍රමිකයින් කොරියානු ගුවන් සේවය හරහා සෘජුවම කොරියාවට යැවිමට කටයුතු කරන බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා….

කොරියනු ගුවන් ප්‍රමාදය වගේම අනෙක් ගුවන් යානා ප්‍රමාදයත් රැකියා සදහා ශ්‍රමිකයින් භාරගැනීමේදී ගැටලු ඇති වෙනවා. මීට පෙර මේ ආකාරයට කොරියානු රැකියා සදහා ශ්‍රමිකයින් රැගෙන යන ගුවන් යානය අවස්ථා තුනකදී ප්‍රමාද වුණා. සමහර අවස්ථාවලදී ශ්‍රමිකයින් පිටත් කර යැවීමටත් නොහැකි වුණා. කොරියාවේදී අපේ ශ්‍රමිකයින් භාර ගන්නේ ඒ රටේ වේලාවෙන් උදෑසන අටත් නමයත් අතර කාලයේදී. ඒ වෙලාවෙන් පිට යනවා නම් භාරගැනීමට සූදානම් නෑ.

ඊයේ දවසේදී මේ දරුවන් සියලුම බලාපොරොත්තු පොදි බැදගෙන ගුවන් තොටුපොලට යන්න සූදානම් වෙලා තිබුණේ. ඊයේ මේ යන්න සූදානම් වෙලා තිබුණේ කොරියාවට යන අටසිය වැනි කණ්ඩායමයි. අනෙක් කණ්ඩායම් ළඟට නොගියත් අටසිය වැනි කණ්ඩායම ළඟට ගිහින්, සුබපතලා, සියල්ල සූදානම් කරන විට ගුවන් යානා ප්‍රමාද වෙනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ ආකාරයට දිගින් දිගටම ප්‍රමාද වෙන නිසා මෙයට විසඳුමක් විදියට අපි කොරියානු රාජ්‍ය සමග සාකච්ඡා කරලා ඉදිරියට කොරියන් ගුවන් සේවය නැවත වරක් ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. තවත් මාස දෙකක් වැනි කාලයක් ඇතුළතදී කොරියාව හා ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් දැනට තාවකාලිකව තව සුමාන දෙකක් තුළ සිංගප්පූරුව හරහා ශ්‍රමිකයින් යැවීමට කටයුතු කරනවා. සිංගප්පූරුව දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ගිහිල්ලා එතැන් සිට කොරියන් එයාර් ගුවන් යානයකින් කොරියාවට යැවීමට බලාපොරොත්තු වෙනවා. එතකොට ලංකාවේ සිට සිංගප්පූරුවට යන ගුවන් යානා ප්‍රමාද වුවත්, සිංගප්පූරුවේ සිට කොරියාව බලා ගුවන් ගමන් කිහිපයක් තිබෙන නිසා එය කළමනාකරණය කරගත හැකියි.

තවත් මාසයකින් පමණ පසුව කොරියානු ගුවන් සේවය ආරම්භ කළ පසුව සෘජුව මෙම ශ්‍රමිකයින් කොරියන් ගුවන් සේවය හරහා කොරියාව බලා යැවීමට කටයුතු කරනවා.

කොළඹ සිට කොරියාව බලා ගමන් ගන්නා ගුවන් යානය පවත්වාගෙන යන්නේම කොරියාව බලා යන ශ්‍රමිකයන් නිසා. නමුත් නිර්ලජ්ජිත ලෙස දිගින් දිගටම මෙම ගුවන් යානය ප්‍රමාද කරනවා. කොතරම් කිව්වත් ඒක බීරි අලින්ට වීනා වාදනය කරනවා වගේ. කොයිම ආකාරයකින්වත් කිසිම තැකීමක් කරන්නේ නෑ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44