කොරෝනා ගුරුවරුත් නැති කරයි

කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගෙන ඇති ගුරු පුහුණු මධ්‍යස්ථාන 19 ක් කඩිනමින් නිදහස් කිරීමක් නොකළහොත් ඉදිරියේදී විශාල ගුරු හිඟයක් ඇති වීමට ඉඩ ඇති බව ලංකා විදුහල්පති සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

1987/88 කාලයේ අභ්‍යාසලාභී ගුරුවරුන් 50,000 ක් පමණ බඳවා ගෙන තිබෙනවා.එම පිරිස අතරින් බහුතරයක් මේ වන විට වයස අවුරුදු 55 ඉක්මවා සිටින පිරිස්.ඒ අනුව තවත් අවුරුදු කීපයකින් 50,000 කට ආසන්න ගුරු සේවයේ පිරිසක් එක්වර විශ්‍රාම යාමට නියමිතව තිබෙනවා.එවිට ඇති වන ගුරු හිඟය පියවීම සඳහා රජය දැන්ම සූදානම් විය යුතු වෙනවා.

ගුරුවරුන් ලෙස බඳවා ගන්නා පිරිස් අවම වශයෙන් වසර 03 ක පමණ කාලයක් ගුරු විද්‍යාල වල හෝ විද්‍යා පීඨවල පුහුණුව ලැබිය යුතු වෙනවා.

රටේ තිබෙන ගුරු පුහුණු මධ්‍යස්ථාන 20 න් 19 ක්ම මේ වන විට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිතා කරමින් සිටින නිසා නවක ගුරුවරුන් බඳවා ගැනීමට හැකියාවක් නොමැති බව ලංකා විදුහල්පති සංගමය සිදු කල සොයා බැලීමකදී අනාවරණය වී ඇත.

ජුඩ් සමන්ත

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?