ඉන්ධන පෝලිම් ඇති වූ හේතුව අනාවරණ වෙයි

ඉන්ධන මිල සංශෝධනයත් සමග දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වීම මෙන්ම ඉන්ධන හිගයක් ඇති වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් අනාවරණ වී තිබෙනවා.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ පසුගිය සතියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බවයි.

පසුගිය සතියේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් හටගැනීමට හේතු වූයේ එම කරුණු මත බවටයි හෙළිවී ඇත්තේ.

එබැවින් අදාළ ඉන්ධන පිරවුම්හල් හිමියන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් සංස්ථාවට උපදෙස් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් පණිවුඩය මගින් ප්‍රකාශ කළා.

මේ අතර පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තාවකාලික බලපත්‍ර ලබාදී ඇති සහ එම බලපත්‍ර කාලය ඉක්මවා ඇති ව්‍යපෘතිවල බලපත්‍ර අහෝසි කිරීමට ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, 2023-2026 සහ 2026-2030 වර්ෂ සඳහා වන පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති ක්‍රියාත්මක කිරීමේ සැලසුම පිළිබඳ ඊයේ (07) පැවැති සමාලෝචන රැස්වීමේදීයි.

ටෙන්ඩර් කර ඇති නමුත් තවම සාධනීය කාර්යයන් සිදුකර නොමැති සැපයුම්කරුවන්ගේ අවසරයන් අවලංගු කරන ලෙස ද ඔහු විදුලිබල මණ්ඩලයට සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ දීමනා කඩිනමින් ගෙවා නිම කරන සැලසුම, නව විදුලිය මිලදී ගැනීමේ මිල සූත්‍රය, ඉදිරි මාස 18 තුළ විදුලිබල උත්පාදන සැලසුම මෙන්ම තාවකාලික බලපත්‍ර ලබාදී ඇති ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.16
00:00
Video thumbnail
වීඩියෝවක් පෙන්වා පාස්කු ප්‍ර#රය ගැන කළ ප්‍රබල හෙළිදරව්ව - වග කියන්න ඕනි එකාට ම#ණ දඩුවම දෙන්න ඕනි
06:41
Video thumbnail
අපි නාමල්ට කියන ස්ටිකර් ගහන්න කාලය හරි?
06:38
Video thumbnail
පොහොට්ටුව හදිසියේ ආණ්ඩුව අමතයි - ඉල්ලීම් 10ක් කරයි
29:54
Video thumbnail
ආර්ථික වර්ධනය ක්‍රම ක්‍රමයෙන් ඉහළට යමින් තියෙන්නේ - මේක හොඳ තත්ත්වයක්
05:00
Video thumbnail
රණවිරුවෙක්ගේ අතින් අල්ලාගෙන තිස්සකුට්ටි දීපු පොරොන්දුව
01:04
Video thumbnail
අලුත් බස් රථයේ රිබන් කපලා මාලිමා මන්ත්‍රීතුමා ඇතුලට ගිය හැටි
01:05
Video thumbnail
මුළු ගමම අඳුරු කරමින් ගමට පැන්න හොරු කරලා ගිය වැඩේ
02:00
Video thumbnail
ඩෙංගු වසංගතය තුරන් කරන්න රන්ජන් ජයලාල් ගේමට බහී
05:55
Video thumbnail
තාත්තගේ පාරේ බස් පදින ඩ්‍රයිවර් අයියා
00:40