EPF මුදල් ආයෝජනය කර ඇති ආයතන ගැන වාර්තාවක් ඉල්ලයි

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහ බැංකුව නියෝජනය කරනමින් කමිටුවට සහභාගී වූ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම උපසදස් ලබා දෙන ලද්දේ විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදීයි

ඒ, අනුව සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල්ල ආයෝජනය කර ඇති මුදල්, අලාභ හා ලාභය සහ එම මුදල් ආයෝජනය කර ඇති ආයතන ඇතුළත් වාර්තාවක් සකස් කරන ලෙස සභාපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

සේවක අර්ථසාධක අරමුදලේ ඇත්තේ ජනතාවගේ මුදල් බැවින් කිසියම් පුද්ගලයෙක් විශ්‍රාම ගැනීමෙන් පසු කිසිඳු කරදරයකින් තොරව ඔවුන්ට අපේක්ෂිත ප්‍රතිලාභ සැලසෙන සුමට හා කාර්යක්ෂම ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු බව කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ, අනුව සේවක අර්ථසාධක අරමුදලේ වඩා හොඳ ක්‍රියාකාරීත්වයක් සහ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා විෂයට අදාළ විශේෂඥයින් කැඳවීමට කමිටුව තීරණය කළා.

සේවක අර්ථසාධක අරමුදල අදාළ අයදුම්කරුවන් වෙත ප්‍රතිලාභ තැන්පත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් සම්බන්ධයෙන් කමිටුව සිය කලකිරීම ප්‍රකාශ කර සිටියා.

අරමුදලේ ක්‍රියාකාරීත්වය සුමට කිරීම සඳහා මධ්‍යම දත්ත ගබඩාවක අවශ්‍යතාවය මෙහිදි ඉදිරිපත් වූ අතර, ඇතැම් රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියමිත සේවක අර්ථසාධක අරමුදලට අදාළ දායකත්ව ගෙවීමට අපොහොසත් වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව මෙහිදී අනාවරණය කළා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබැලීම සඳහා ඊට වගකිව යුතු රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් කාරක සභාව හමුවට කැඳවන ලෙස විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව උපදෙස් දුන්නා.

ජාතික කම්කරු අධ්‍යයන ආයතනය 2020 වසර සඳහා සිය වාර්ෂික වාර්තාව මෙහිදී කමිටු සභාපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32