EPF මුදල් ආයෝජනය කර ඇති ආයතන ගැන වාර්තාවක් ඉල්ලයි

සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල් ආයෝජනය කර ඇති ආයතන පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මහ බැංකුව නියෝජනය කරනමින් කමිටුවට සහභාගී වූ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම උපසදස් ලබා දෙන ලද්දේ විදෙස් රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී පසුගියදා රැස් වූ අවස්ථාවේදීයි

ඒ, අනුව සේවක අර්ථසාධක අරමුදලට අදාළ මුදල්ල ආයෝජනය කර ඇති මුදල්, අලාභ හා ලාභය සහ එම මුදල් ආයෝජනය කර ඇති ආයතන ඇතුළත් වාර්තාවක් සකස් කරන ලෙස සභාපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා.

සේවක අර්ථසාධක අරමුදලේ ඇත්තේ ජනතාවගේ මුදල් බැවින් කිසියම් පුද්ගලයෙක් විශ්‍රාම ගැනීමෙන් පසු කිසිඳු කරදරයකින් තොරව ඔවුන්ට අපේක්ෂිත ප්‍රතිලාභ සැලසෙන සුමට හා කාර්යක්ෂම ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු බව කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළා.

ඒ, අනුව සේවක අර්ථසාධක අරමුදලේ වඩා හොඳ ක්‍රියාකාරීත්වයක් සහ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා විෂයට අදාළ විශේෂඥයින් කැඳවීමට කමිටුව තීරණය කළා.

සේවක අර්ථසාධක අරමුදල අදාළ අයදුම්කරුවන් වෙත ප්‍රතිලාභ තැන්පත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් සම්බන්ධයෙන් කමිටුව සිය කලකිරීම ප්‍රකාශ කර සිටියා.

අරමුදලේ ක්‍රියාකාරීත්වය සුමට කිරීම සඳහා මධ්‍යම දත්ත ගබඩාවක අවශ්‍යතාවය මෙහිදි ඉදිරිපත් වූ අතර, ඇතැම් රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් නියමිත සේවක අර්ථසාධක අරමුදලට අදාළ දායකත්ව ගෙවීමට අපොහොසත් වී ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව මෙහිදී අනාවරණය කළා.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබැලීම සඳහා ඊට වගකිව යුතු රාජ්‍ය ආයතන සහ ප්‍රාදේශීය වැවිලි සමාගම් කාරක සභාව හමුවට කැඳවන ලෙස විදේශ රැකියා සහ ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව උපදෙස් දුන්නා.

ජාතික කම්කරු අධ්‍යයන ආයතනය 2020 වසර සඳහා සිය වාර්ෂික වාර්තාව මෙහිදී කමිටු සභාපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?