ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කිරීමට තීරණයක් ගෙන ඇති බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියා සිටියේ සංශෝධිත මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගම තම ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කළද, LAUGFS Gas PLC තම මිල ගණන්වල වෙනසක් සිදු කළේ නැහැ.

මේ අතර, ලිට්‍රෝ ගෑස් සමාගම අද පෙරවරුවේ නිවේදනය කළේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් පමණ පහළ යනු ඇති බවයි.

රජය විසින් අනුමත කරන ලද මිල සූත්‍රය අනුව මිල අඩු කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල පහත වැටීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම ඇතුළු කරුණු රැසක් මෙම මිල පහත වැටීමට හේතු වූ බව සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

පසුගිය මස 3වනදා ද ලිට්‍රෝ සමාගම මිල සංශෝධනයේදී ද ගෑස් මිල අඩු කෙරුණා.

එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19කින් පහළ දැමුණා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,638ක්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,462ක් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 681ක් ලෙසටයි මේ වන විට අලෙවි කෙරෙන්නේ.

මේ අතර සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් මිල සංශෝධනයේ වාසිය ජනතාවට ලබාදීම සඳහා පාරිභෝගික අධිකාරිය මැදිහත්ව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?