ලාෆ්ස් ගෑස් මිල ගැන දැනුම්දීමක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කිරීමට තීරණයක් ගෙන ඇති බව ලාෆ් ගෑස් සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම කියා සිටියේ සංශෝධිත මිල ගණන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි.

ලිට්‍රෝ ගෑස් සමාගම තම ගෑස් සිලින්ඩරවල මිල ගණන් සංශෝධනය කළද, LAUGFS Gas PLC තම මිල ගණන්වල වෙනසක් සිදු කළේ නැහැ.

මේ අතර, ලිට්‍රෝ ගෑස් සමාගම අද පෙරවරුවේ නිවේදනය කළේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ත් 400ත් අතර අගයකින් පමණ පහළ යනු ඇති බවයි.

රජය විසින් අනුමත කරන ලද මිල සූත්‍රය අනුව මිල අඩු කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කළා.

ලෝක වෙළඳපොලේ ගෑස් මිල පහත වැටීම සහ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාම ඇතුළු කරුණු රැසක් මෙම මිල පහත වැටීමට හේතු වූ බව සභාපතිවරයා සඳහන් කර තිබෙනවා.

පසුගිය මස 3වනදා ද ලිට්‍රෝ සමාගම මිල සංශෝධනයේදී ද ගෑස් මිල අඩු කෙරුණා.

එහිදී කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 19කින් පහළ දැමුණා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,638ක්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,462ක් සහ කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 681ක් ලෙසටයි මේ වන විට අලෙවි කෙරෙන්නේ.

මේ අතර සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසුවේ ගෑස් මිල සංශෝධනයේ වාසිය ජනතාවට ලබාදීම සඳහා පාරිභෝගික අධිකාරිය මැදිහත්ව වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14