පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට බැට දුන් ඊබ්‍රහිම්ගෙන් එක්දින පිටියේ සුපිරි වාර්තාවක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිළට අමිහිරි පරාජයක් අත්විඳීමට ඊයේ (02) සිදුවුණා.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ඇෆ්ගනිස්ථානය ජය ගත්තේ කඩුලු 06කින්.

ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන ගිය ඊබ්‍රහිම් සද්‍රාන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වෙනදා මෙන් සිය සුපුරුදු පිතිහරඹය ක්‍රියාත්මක කළා.

කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබාදෙමින් ඊබ්‍රහිම් දැවීයන විට පන්දු 98 කට මුහුණ දෙමින් ලකුණු 98ක් රැස් කරගෙන සිටියා.

ඇෆ්ගනිස්ථානය ජය ගෙන ආ මෙම තරගයේ ඊබ්‍රහිම් සද්‍රාන්ගේ විශිෂ්ඨ ඉනිම අවසන් වුණේ එක්දින ක්‍රිකට් පොතේ වාර්තා පිටු අතර නතර වෙමින් වීම විශේෂත්වයක්.

ඒ, අනුව මේ වනවිට ජාත්‍යන්තර එක්දින ඉනිම් 09කට පමණක් ක්‍රීඩාකර ඇති ඊබ්‍රහිම් එක්දින පිටියේ අඩුම ඉනිම් සංඛ්‍යාවක දී එක්දින ලකුණු 500 සීමාව පසුකළ ලොව දෙවන පිතිකරුවා බවට පත්වීමට ඊයේ දිනයේ සමත් වුණා.

ඒ, මේ වනවිට ඉන්දියාවේ සුපිරි තරුවක් බවට පත්ව සිටින ශුබ්මන් ගිල් එක්දින ඉනිම් 10ක් තුළ පිහිටුවා තිබූ එම වාර්තාව අභිබවා යමින්.

මේ වනවිට අඩුම එක්දින ඉනිම් සංඛ්‍යාවක දී එක්දින ලකුණු 500 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකාවේ ජැනමන් මාලන් පත්ව සිටින්නේ එක්දින ඉනිම් 07ක් තුළ එම දක්ෂතාව දක්වමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56