spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පළමු තරගයේ දී ශ්‍රී ලංකාවට බැට දුන් ඊබ්‍රහිම්ගෙන් එක්දින පිටියේ සුපිරි වාර්තාවක්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිළට අමිහිරි පරාජයක් අත්විඳීමට ඊයේ (02) සිදුවුණා.

සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ඇෆ්ගනිස්ථානය ජය ගත්තේ කඩුලු 06කින්.

ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන ගිය ඊබ්‍රහිම් සද්‍රාන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට වෙනදා මෙන් සිය සුපුරුදු පිතිහරඹය ක්‍රියාත්මක කළා.

කසුන් රාජිතගේ පන්දුවක් හමුවේ උඩ පන්දුවක් ලබාදෙමින් ඊබ්‍රහිම් දැවීයන විට පන්දු 98 කට මුහුණ දෙමින් ලකුණු 98ක් රැස් කරගෙන සිටියා.

ඇෆ්ගනිස්ථානය ජය ගෙන ආ මෙම තරගයේ ඊබ්‍රහිම් සද්‍රාන්ගේ විශිෂ්ඨ ඉනිම අවසන් වුණේ එක්දින ක්‍රිකට් පොතේ වාර්තා පිටු අතර නතර වෙමින් වීම විශේෂත්වයක්.

ඒ, අනුව මේ වනවිට ජාත්‍යන්තර එක්දින ඉනිම් 09කට පමණක් ක්‍රීඩාකර ඇති ඊබ්‍රහිම් එක්දින පිටියේ අඩුම ඉනිම් සංඛ්‍යාවක දී එක්දින ලකුණු 500 සීමාව පසුකළ ලොව දෙවන පිතිකරුවා බවට පත්වීමට ඊයේ දිනයේ සමත් වුණා.

ඒ, මේ වනවිට ඉන්දියාවේ සුපිරි තරුවක් බවට පත්ව සිටින ශුබ්මන් ගිල් එක්දින ඉනිම් 10ක් තුළ පිහිටුවා තිබූ එම වාර්තාව අභිබවා යමින්.

මේ වනවිට අඩුම එක්දින ඉනිම් සංඛ්‍යාවක දී එක්දින ලකුණු 500 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට දකුණු අප්‍රිකාවේ ජැනමන් මාලන් පත්ව සිටින්නේ එක්දින ඉනිම් 07ක් තුළ එම දක්ෂතාව දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?