අත්ට්‍රැක්ටරයකට යට වී මල් කැකුළක් අවසන් ගමන් යයි

පුදුකුඩිඉරිප්පු, කයිවේලි ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් වයස අවුරුදු 04ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (26) දහවල් පරන්තන් – මුලතිව් මාර්ගයේ පුල්ලෙයාර් කෝවිල පිටුපස අතුරු මාර්ගයේ අත්ට්‍රැක්ටරයක් පිටුපසට ධාවනය කිරීමේ දී එයට යටවීමෙන් මෙම දැරිය මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරිය පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කිරීමේ දී මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් අත්ට්‍රැක්ටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරියගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මුලතිව් රෝහලේ තැම්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?