බන්ඩි පොහොර මිල දී ගන්න ප්‍රමුඛත්වය දෙන්න – කෘෂි ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්

2023 යල කන්නයේ දී වී වගාවට අවශ්‍ය රසායනික පොහොර හෝ කාබනික පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 1000ක් වෙන් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

මෙම මුදල් ගොවීන් 650,000කට හෙක්ටයාර් එකකට රුපියල් 20,000ක් හා හෙක්ටයාර් දෙකකට රුපියල් 40,000ක් වශයෙන් වවුචර්පත් මගින් ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන්ට වවුචර්පත් ප්‍රදානය කිරීම ඊයේ (26) කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා.

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී ගොවීන් සදහා රුපියල් මිලියන 400ක වවුචර්පත් බෙදාදීමට පියවර ගෙන තිබෙනවා.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙම පොහොර වවුචරවලින් රසායනික පොහොර හෝ කාබනික පොහොර රාජ්‍ය අංශයෙන් හෝ පුද්ගලික අංශයෙන් මිල දී ගත හැකි බවයි.

එමෙන්ම රසායනික පොහොර මිලදී ගැනීමේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සදහා ප්‍රමුඛත්වය ලබා දෙන්නැයි ද අමාත්‍යවරයා ගොවිජනතාවගෙන් ඉල්ලීමක් කර සිටියා.

යුරියා පොහොර කෙතරම් යෙදුවත් අස්වනු සරු නොවන බවත්, ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට නම් MOP හෙවත් මඩපොහොර යෙදීම අනිවාර්ය බව කෘෂි විශේෂඥයින් අවධාරණය කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32