රිලවු චීනෙට යැවීම තහනම් කරන පෙත්සමට කරුණු දැක්වීමට නීතිපති කල් ඉල්ලයි

මෙරට රිලවුන් ලක්ෂයක් චීන සමාගමක් වෙත අපනයනය කිරීම වැළැක්වීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර සංවිධාන විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අද (26) අභියාචනාධිකරණය විසින් නීතිපතිවරයා වෙත ජුනි මස 26 වැනිදා තෙක් කල් ලබා දුන්නා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ, අනුව පෙත්සම නැවත ලබන 26 වනදා කැඳවන ලෙස නියෝග කළ අධිකරණය එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට කල් ලබා දුන්නා.

ශ්‍රී ලංකා වන සත්ව හා පරිසර ආරක්ෂක සංගමය, පූජ්‍ය මාතර ආනන්ද සාගර හිමි ඔටාරා ගුණවර්ධන, රුක්ෂාන් ජයවර්ධන ඇතුළු පාර්ශවකරුවන් 27 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පරීක්ෂණ කටයුත්තක් සඳහා මේ රට රිලව් ලක්ෂයක් චීනයේ පිහිටි පෞද්ගලික සමාගමක් වෙත අපනයනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

මෙම ක්‍රියාව තුළින් බරපතළ සත්ව හිංසනයක් සිදුවන බව පෙන්වාදෙන පෙත්සම්කරුවන් එය වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ විධිවිධානයන්ට පටහැනි බවත් කියා තිබෙනවා.

එබැවින් මෙරට රිලවුන් චීනයට අපනයනය කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එසේ අපනයන කිරිම සඳහා බලපත්‍ර නිකුත් කිරීම වැළැක්වීමේ නියෝගයක් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙසත් අදාළ පෙත්සමෙන් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12