ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
වෙළෙඳපොළේ ඇති භාණ්ඩවලින් 75% ක් පමණ ආනයනිත භාණ්ඩ බැවින් ඩොලරයේ අගය අඩුවන විට ඊට සාපේක්ෂව එම භාණ්ඩවල මිල ගණන් ද සාධාරණ කාලසීමාවක් තුළ අඩුවිය යුතු බවටයි අමාත්යවරයා පෙන්වා දෙන්නේ.
රුවන්වැල්ල ප්රදේශයේ දී අද (19) මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
භාණ්ඩවල මිල අඩු කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මුදල් අමාත්යාංශයේ වෙළෙඳ හා ආයෝජන ප්රතිපත්ති දෙපාර්තමේන්තුව සහ පාරිභෝගික සේවා අධිකාරිය හා එක්ව සමීක්ෂණයක යෙදෙනෙ බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා පැවසුවා.
ගොඩනැගිලි ද්රව්ය, ආහාර වර්ග හා කෘෂි කර්මාන්තයට සම්බන්ධ ද්රව්ය හා උපකරණ මිල ගණන් මෙන්ම පාසල් උපකරණ ඇතුළු අනිකුත් අත්යාවශ්ය භාණ්ඩ මිල ගණන් කෙසේ අඩු වන්නේ ද, එසේ අඩුනොවන්නේ නම් ඒ සඳහා ගතයුතු ක්රියාමාර්ග මොනවා ද යන්න අදාළ සමීක්ෂණය මඟින් සොයා බලන බව ද අමාත්යවරයා සඳහන් කර සිටියා.
