යුද සමයේ මියගිය පිරිසක් සමරා යාපනයේ උත්සවයක්

ඉකුත් යුද සමයේ යුද ගැටුම්වලට මැදිව ජීවිතක්ෂයට පත්වූ සිසුන් පිරිසක් සමරා යාපනේදී 17 දා සැමරුම් උත්සවයක් පවත්වා තිබුණා.

ඒ දෙමල ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙනි.

අදාල සිසුන් පිරිස නගර් කෝවිල් ප්‍රදේශයේදී 1995 වසරේ සැප්තැම්බර් මස 22වනදා යුද ගැටුම්වලට මැදිව මිය ගිය බව එහි සංවිධායකයින් පවසා තිබෙනවා.

ඒ අනුව එහිදී සිසුන් 21කු මිය ගිය බවත් ඒ වෙනුවෙන් පැමිණි පිරිස පහන් දල්වා විනාඩියක නිහඩතාවයක් රැක මෙම සැමරුම පවත්වා තිබුණා.

මෙම අවස්ථාවට දෙමල ජාතික ජනතා පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?