විදුලි සැර වැදීමෙන් පෙදරේරුවරයෙකු ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මරණයට පත්වූයේ යැයි සැකකෙරෙන පෙදරේරුවරයෙකුගේ මළ සිරුරක් අද දහවල් අනුරාධපුර නව බස් නැවතුම්පළ ඉදිරිපිට දැව ගෘහ භාණ්ඩ නිෂ්පාදන ස්ථානයක තිබියදී පොලිසිය විසින් සොයාගැනුනා.

අවුරුදු තිහක් පමණ වයසැති අනුරාධපුර, තිසා වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට පොලිසිය විසින් තහවුරු කරගෙන ඇති අතර මෙම මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදු කරනු ලබයි.

මරණයට පත්ව ඇති පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ මොහු ගොළු භාවයකින් යුතු පුද්ගලයකු බවය. එමෙන්න දැව ගෘහ නිෂ්පාදන ස්ථානය සඳහා එහි හිමිකරු විසින් විදුලිය නීති විරෝධීව ලබාගෙන තිබීමත් එම ස්ථානයේ කිසිදු ආරක්ෂිත තත්ත්වයක් නොතිබීමත් හේතුවෙන් විදුලිසැර වැදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි තමන්ට සැක පවතින බවය.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නිනියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38