විදුලි සැර වැදීමෙන් පෙදරේරුවරයෙකු ජීවිතක්ෂයට

විදුලි සැර වැදීමෙන් මරණයට පත්වූයේ යැයි සැකකෙරෙන පෙදරේරුවරයෙකුගේ මළ සිරුරක් අද දහවල් අනුරාධපුර නව බස් නැවතුම්පළ ඉදිරිපිට දැව ගෘහ භාණ්ඩ නිෂ්පාදන ස්ථානයක තිබියදී පොලිසිය විසින් සොයාගැනුනා.

අවුරුදු තිහක් පමණ වයසැති අනුරාධපුර, තිසා වැව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවට පොලිසිය විසින් තහවුරු කරගෙන ඇති අතර මෙම මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර පොලිසිය විසින් සිදු කරනු ලබයි.

මරණයට පත්ව ඇති පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ මොහු ගොළු භාවයකින් යුතු පුද්ගලයකු බවය. එමෙන්න දැව ගෘහ නිෂ්පාදන ස්ථානය සඳහා එහි හිමිකරු විසින් විදුලිය නීති විරෝධීව ලබාගෙන තිබීමත් එම ස්ථානයේ කිසිදු ආරක්ෂිත තත්ත්වයක් නොතිබීමත් හේතුවෙන් විදුලිසැර වැදී මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි තමන්ට සැක පවතින බවය.

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නිනියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?