ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කෙරේ

මීට පෙර ගිං ගඟ ද්‍රෝණිය සඳහා ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබු අතර නැවතත් එය ඉදිරි පැය 24 දක්වා දීර් ඝ කර තිබෙනවා.

මේ අනුව හෙට (17) පවස්වරු 2 දක්වා වු කාලය දක්වා මෙම නිවේදනය දීර්ඝ කර ඇති අතර නියාගම,බද්දේගම සහ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ගිංගඟ නිම්නයේ පහත්බිම්වලට ගංවතුර තත්වයක් ඇති විය හැකි බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම ප්‍රදේශවල පදිංචි මහජනතාවගෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිිටින්නේ ගං වතුර සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?