දුම්රිය ගේට්ටුව අසල සිදුවූ රිය අනතුරකින් පොලිස් සැරයන්වරයෙකුට බරපතල තුවාල

මහනුවර ගැටඹේ දුම්රිය ගේට්ටුව අසල සිදුවූ රිය අනතුරකින් මහනුවර මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

අද පෙරවරු 9.30 ට පමණ දුම්රිය ගමන් කිරීම හේතුවෙන් රේල් ගේට්ටුව වසා තිබූ අවස්ථාවේ මෙම සැරයන්වරයා තම යතුරු පැදිය නවතාගෙන සිට ඇති අතර ඔහු පසුපසින් නවතා තිබූ පෞද්ගලික බස් රථයක් දුම්රිය ගේට්ටුව නැවත හැරීමටද පෙර ක්ෂණිකව පණගන්වා ඉදිරියට ගන්නා අවස්ථාවේ සැරයන්වරයාගේ යතුරුපැදිය බස් රථයට යට වී ඔහු ටික දුරක් ඇදී ගොස් ඇති අතර ඔහුගේ පාද බස් රථයට යටවී බරපතල තුවාල ලබා තිබෙනවා.

බරපතල තුවාල ලද සැරයන්වරයා මහනුවර ජාතික රෝහලට යැවීමට එම ස්ථානයේ සිටි පිරිස කටයුතු කොට ඇති අතර මේ අවස්ථාවේ බස් රථයේ රියදුරා පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මාහනුවර මූළස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකෙවරයා සඳහන් කළේ සැරයන්වරයා බරපතළ තුවාල ලබා ඇති බවත් පළාගිය රියදුරු අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවත්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
2
+1
3
+1
4
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58