ඉන්දු – ප්‍රංශ සබඳතා තවත් ශක්තිමත් වෙයි – ප්‍රංශ ජාතික දිනයටත් මෝදිට ඇරයුම්

ජුලි 14 වැනිදාට යෙදෙන ප්‍රංශ ජාතික දිනයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වීමට නියමිතයි.

ඉන්දු ප්‍රංශ සබඳතා තවත් පුළුල් කෙරෙන මෙම පුවත ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් තහවුරු කර තිබෙනවා.

ඔහු ප්‍රංශ සහ හින්දි යන භාෂා දෙකෙන්ම ට්විටර් පණිවුඩ නිකුත් කරමින් අගමැති මෝදිගේ සංචාරය පිළිබඳව සිය සතුට පළ කර තිබුණා.

ප්‍රංශ ජනාධිපතිවරයා හින්දි භාෂාවෙන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වුණේ “ආදරණීය නරේන්ද්‍ර, ජූලි 14 වන දින ගෞරවනීය ආරාධිතයෙකු ලෙස ඔබව පැරීසියට පිළිගැනීමට ලැබීම සතුටක්. !”යනුවෙනුයි.

ඉන්දීය අගමැතිවරයාට ජාත්‍යන්තරයෙන් ලැබෙන මෙවැනි ඇරයුම් පිළිබිඹු කරන්නේ ඔහු යටතේ ඉන්දියාව ලබා තිබෙන සාර්ථකත්වය බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

මෙවර G20 නායකයින්ගේ සමුළුවේ සභාපතිත්වය හිමි ව ඇත්තේ ද ඉන්දියාවටයි.

ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රංශ සංචාරය සිදු වීමට නියමිතව ඇත්තේ ඉන්දු – ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරීත්වයේ 25 වැනි සංවත්සරයට සමගාමී වීම විශේෂත්වයක්.

නිල ප්‍රකාශයකට අනුව, ඉන්දීය සන්නද්ධ හමුදා කණ්ඩායමක් ද ඔවුන්ගේ ප්‍රංශ සගයන් සමඟ පෙළපාලියට සහභාගී වනු ඇති.
ඉන්දු-ප්‍රංශ උපායමාර්ගික හවුල්කාරිත්වයේ මීළඟ අදියර ප්‍රකාශයට පත් කරමින් පුළුල් පරාසයක කර්මාන්ත සංස්කෘතික, විද්‍යාත්මක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් සඳහා අභිලාෂකාමී ඉලක්ක තැබීම අගමැති මෝදිගේ මෙම සංචාරයෙන් අපේක්ෂා කෙරෙනවා.

ඉන්දියාව සහ ප්‍රංශය ඉන්දු පැසිෆික් කලාප සහයෝගීතාවයේ ප්‍රමුඛයින් ලෙස කටයුතු කරන අතර එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ඉලක්ක සහ මූලධර්ම ආරක්ෂා කරමින් විශේෂයෙන් සාමය සහ ආරක්ෂාව යන දැක්ම යුරෝපයේ සහ ඉන්දු-පැසිෆික් කලාපයේ බෙදා ගනිමින් සිටිනවා.

අගමැති මෝදිගේ මෙම ඓතිහාසික සංචාරය දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය අහිමි වීම සහ තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම ඇතුළු වර්තමාන ප්‍රධාන අභියෝගවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පොදු මුල පිරීම් ද ඉදිරිපත් කරනු ඇති.

එසේම මෙය ඉන්දියාවට සහ ප්‍රංශයට ඔවුන්ගේ කැපවීම නැවත තහවුරු කිරීමට අවස්ථාවක් වනු ඇති බවද විචාරකයින් පෙන්වා දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49
Video thumbnail
සලේ මැ#ණොත් වග කියන්න ඕනි ජනපති, රවී, ශානිලා ?සලේ බලන්න ආ බිරිඳ සැරටම කිව්ව දේ
01:51
Video thumbnail
අපි කසිප්පු කාරයෝ නෙවෙයි මල්ලි - මුන් ඇත්තටම හ#ක් තමයි..මුන් අවුරුදු දෙකෙන් හොරා කෑවා
04:32
Video thumbnail
සජබ ගොවි විරෝධය මැදිරිගිය නගරය උණුසුම් කරයි - සරත්, ලාල්කාන්තව මිනිස්සු එකතුවෙලා ගි# තියයි
02:38