සිසුවියන් 16 දෙනෙකුට ලිංගික අතවර කළ උපකාරක පංති ගුරුවරයෙකු සොයා මෙහෙයුම්

ගණිතය විෂය උගන්වන කළුතර පෞද්ගලික උපකාරක පංති ගුරුවරයෙක් සිසුවියන් දාසය දෙනෙකුට පමණ ලිංගික අතවර කර ප්‍රදේශයෙන් පලාගොස් සිටින උපකාරක පංති ගුරුවරයෙකු සොයා කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයකින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පාසල් සිසුවියන්ට පංතිකාමර තුලදී ලිංගික අතවර කර ගුරුවරයා, දැරියන්ව නිවෙස් වලට ඇරලවන මුවාවෙන් කළුතර ලාගොස්වත්ත ප්‍රදේශයේ කැලයකට රැගෙන ගොස් සිය මෝටර් රථය තුලදී ලිංගික අතවර කර ඇති බවත් , ඒ අතරතුර සිය ජංගම දුරකථනයෙන් ඒවා පටිගත කර තිබියදී පොලිසිය සොයාගෙන ඇති බව පොලිස් නිළධාරීයෙක් පැවසුවා.

දැරියන්ට සූම් තාක්ෂණය ඔස්සේ පංති පැවැත්වීමට ලින්ක් යවා දෙමව්පියන් නොමැති අවස්ථාවලදී ඔවුන්ට ඇදුම් ගලවන ලෙස උපදෙස් දී එම දර්ශණ පටිගත කර ඇති බවද සදහන් වෙනවා.

සැකකාර ගුරුවරයා සියලු ලිංගික දර්ශණ සිය ලැප්ටොප් යන්ත්‍රයේ ගබඩා කර තිබියදී ඔහුගේ බිරිඳට හසුවී ඇය එම දැරියන්ගේ දෙමව්පියන් දැනුවත් කිරීමෙන් පසු පැමිණිලි කිරීම ආරම්භ වී ඇතැයි පොලිසිය පොලිස් නිළධාරීයෙක් කීය.

අතවර වලට ලක්වූවන් අතර කළුතර කොට්ඨාසයේ පොලිස් ස්ථානයක නිළධාරීයෙක්ගේ දියණියක් සිටින බවද වාර්තා වෙනවා.

කළුතර පොලිස් කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පැවසෙනවා

ගණිතය විෂය උගන්වන සැකකාර ගුරුවරයා මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම කළුතර පොලිස් කොට්ඨාශය තුල පොලිස් ස්ථාන කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සදහන් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි
00:28
Video thumbnail
චීන ජාතිකයෙක් එළොව යැවූ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
00:42
Video thumbnail
ජනපති, පහළ මල්වතුඔය සංවර්ධන ව්‍යාපෘතිය නිරීක්ෂණයට
01:39