විදුලි ගාස්තු සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම් ඇරඹෙයි

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඇතුළු පාර්ශව තුනක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

අදාල පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන් නම් කර සිටින ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් විවේකා සිරිවර්ධන යන මහත්ම මහත්මීන් විසින් මූලික විරෝධතා මතු කළා.

වගඋත්තරකාර පාර්ශවයේ එම ජනාධිපති නීතිඥවරු සඳහන් කළේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් නීතිය ඉදිරියේ පවත්වාගෙන යාමට නොහැකි බවයි.

අදාල පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස අත්‍යවශ්‍ය පාර්ශව නම් කර නොමැති අතර අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර නොතිබීම බරපතළ දෝෂයක් බවත් එම නිතිඥවරු පෙන්වා දුන්නා.

එමෙන්ම අදාළ පෙත්සම් තුළින් සාවද්‍ය හා නොමග යවන සුළු තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති බවත් එම නීතිඥවරු විසින් තවත් මූලික විරෝධතාවක් මතු කර සිටියා.

මෙම තත්වය හමුවේ අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බැවින් මෙම මූලික විරෝධතා පිළිගෙන ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් එම ජනාධිපති නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක, විදුලි පුනර්ජනනීය පාරිභෝගික සංගමය සහ මාතර ආනන්ද සාගර හිමියන් විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් බල වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මහජන උපයෝගීතා කොමිසම ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කාර ජනක රත්නායක රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෑතකදී ලංකා විදුලිබල විසින් සිදු කරනු ලැබු විදුලි ගාස්තු සංශෝධනය මුලුමනින්ම නීතියට පටහැනි බව සඳහන් කලා.

මෙම ගාස්තු සංශෝධනය සදහා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා විධිමත් ලෙස අනුමැතිය දී නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

විදුලි ගාස්තු සංශෝධනය විය යුතුය යන ස්ථානයේ තම සේවාදායකයාද සිටින බව සඳහන් කල නීතිඥවරයා එහෙත් එම ගාස්තු සංශෝධනය මහජනතාවට දැරිය හැකි ආකාරයට සිදු විය යුතු බවත් සඳහන් කර සිටියා.

එහෙත් වත්මන් ගාස්තු සංශෝධනය මහජනතාවට දැරීමට අපහසු මට්ටමක පවතින බවත් නීතිඥවරයා පෙන්වා දුන්නා.

මෙවැනි ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට පෙර මහජනතාව ඇතුළු පාර්ශවකරුවන්ගෙන් අදහස් විමසීමක් සිදු කළ යුතු වුවද වගඋත්තරකරුවන් එවැනි අදහස් විමසීමක් සිදු කර නොමැති බවත් නීතිඥවරයා සඳහන් කර සිටියා.

වැඩිදුර පෙත්සම් සලකා බැලීම ලබන 15 වන දා තෙක් කල් තැබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49