අක්ෂි ශල්‍යකර්ම සිදු කල රෝගින් හයදෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලයි

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලෙන් අක්ෂි ශල්‍යකර්ම සිදු කල රෝගින් හයදෙනෙකු මහනුවර දිස්ත්‍රික් මහ රෝහලට යොමු කල බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනෙවිරත්න පවසනවා.

නුවරඑළිය රෝහලේ අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමෙන් පසු ඇස් පෙනීම දුර්වල වූ රෝගින් සය දෙනෙකු මහනුවර මහ රෝහලට වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කර ඇති බවත්, තිදෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, එක් අයෙකු රෝහලෙන් බැහැරව ගොස් නිවසේ ප්‍රතිකාර ලබා ගන්නා බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂක මහේන්ද්‍ර සෙනෙවිරත්න පැවසූ බව අප වාර්තාකරු පැවසුවා.

වැඩිදුර අදහස් දැක්වූ රෝහල් අධ්‍යක්ෂකවරයා කියා සිටියේ මෙම ගැටළුව පිළිබඳව දිස්ත්‍රික් මහ රෝහල නිරන්තරයෙන් අවධානයෙන් යුතුව කටයුතු කරන අතර, රෝහල පාර්ශ්වයෙන් වරදක් සිදුවී නොමැති බවත් , මෙම තත්වයට හේතුව විෂ බීජ අඩංගුව තිබුණු ඉන්දියාවෙන් ආනයනය කරන ලද බෙහෙත බවයි.

ඒ පිළිබඳව නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ අප කළ විමසුමකදී ඔවුන් කියා සිටියේ මෙම සිදුවීමට මුළුමනින්ම වගකීම බාරගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය බවයි.

වැඩිදුර අදහස් දක්වමින් රෝගින් කියා සිටියේ පරික්ෂා කරන බෙහෙත් ලංකාවට යවලා රෝගි අපිව පරික්ෂා කරන තරම් අපි පහත් තත්ත්වයකට වැටිලද ඉන්නේ, අපිව මීයන් බල්ලන් වදුරන් තරමට ගණන් අරන් අපේ මිනිස්සු ලව්වා බෙහෙත් පරීක්ෂා කරන්නේ නම් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ අපිව පිට රටවල් වලට විකුණලා තියෙන්නේ මේක ඇත්තටම සෝචනීය තත්ත්වයක්, මින් ඉදිරියට වත් රෝගීන් ගැන අහිංසක ජනතාව ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය මීට වැඩිය හිතුව නම් හොඳයි යනුවෙන් පැවසිය.



අපගේ නවතම වීඩියෝ පුවත්