බෝට්ටුවෙන් කැන්ගරු දේශයට ගිහින් පිටුවහල් කළ පිරිසක් දිවයිනට

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ,එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රදවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු ,එරටින් පිටුවහල් කර තිබෙනවා.

එලෙස පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයින් පිරිස අද (09) උදෑසන විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

ඔවුන් ඕස්ට්‍රේලියාවට අයත් ඒ.එස්.වයි- 013 දරණ ගුවන් යානයෙන් ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතෙන් ගමන් ආරම්භ කර අද (09) උදෑසන 09.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මොවුන්ගෙන් වැඩි පිරිසක් යාපනය සහ වාලච්චේන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් ඕස්ට්‍රේලියාවට බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදු තරණය කර ගමන් කර ඇති බව අනාවරණය වී ඇත්තේ.

මෙම පිරිස භාර ගැනීම සදහා ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරීන් තිදෙනකු ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙසේ පිටුවහල් කර එවූ ශ්‍රී ලාංකිකයන් සමඟ එරට ආරක්ෂක නිලධාරීන් විශාල පිරිසක් ද එම ගුවන් යානයෙන් මෙරටට පැමිණ ඇති බවයිව් අර්ථ වුණේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ එරට ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

අනතුරුව ජාතික බුද්ධි තොරතුරු අංශය විසින් ද විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව , මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට නියමිතව තිබුණා.

එහිදී ඔවුන් මෙම පිරිසෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09