කළුතර සිසුවියගේ මරණයට ඇල්ලූ සැකකරු ගැන පාර්ලිමේන්තුවේ දී ආන්දෝලනාත්මක හෙළිදරව්වක් (වීඩියෝ)

කළුතර ප්‍රදේශයේ පාසල් සිසුවියක් අභිරහස් ලෙස මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (09) පාර්ලිමේන්තුවේ දී විශේෂ අනාවරණයක් සිදුකළා.

අදාළ සැකකරු අරගලයේ කළුතර දිස්ත්‍රික් සංවිධායකවරයා බවයි එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියේ.

සිසුවියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි මෙම සැකකරු පොලිසිය මඟ හැර පළාගොස් සැඟව සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් වුණා.

අදාළ සැකකරු අද (09) අලුයම් කාලයේ දී හික්කඩුව ප්‍රදේශයේ සැඟව සිටිය දී කළුතර දකුණු පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

https://youtu.be/Juqin9G4N5o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
7
+1
205
+1
9
+1
7
+1
12
+1
48
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?