ආධුනික ගුවන් ගමන් පාලකවරුන් 50 දෙනක්

ගුවන් ගමන් පාලකවරුන්ගේ (air traffic controllers) හිඟය සපුරාලීම සඳහා ආධුනික ගුවන් ගමන් පාලක වරුන් 50 දෙනකු ලබන 16 වැනිදා බඳවා ගන්නා බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

එම පිරිස පුහුණුවකින් පසු ගුවන් ගමන් පාලකවරුන් ලෙස බඳවා ගැනෙනු ඇති බවත් ගුවන් ගමන් පාලකවරුන්ගේ ගැටලුව කඩිනමින් විසඳීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා පැවසුවා.

ගුවන්යානා මෙහෙයුම් කටයුතු සඳහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වනවිට ගුවන් පාලක මධ්‍යස්ථානවල රාජකාරි කරන්නේ පාලකවරුන් 79 දෙනකු පමණක් බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

කටුනායක, මත්තල, රත්මලාන, යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපොළවල් ආශ්‍රිතව ගුවන් පාලක මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන අතර ගුවන් පාලකවරුන්ගේ හිඟය නිසා දැනට සිටින ගුවන් පාලකවරුන්ට පැය 24 පුරා එම රාජකාරි කිරීමට සිදුව ඇතැයි වාර්තා වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30