වන ජීවී නිලධාරීන්ට සේවා කාලය තුල සිදුවන අනතුරු වෙනුවෙන් වන්දි ලබාදීමේ ක්‍රමයක්

ගිරිතලේ ප්‍රදේශයේ වනජීවී පුහුණු හා පර්යේෂණ සඳහා වන ආයතනයක් වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙනවා.

මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය සඳහා රුපියල් මිලියන 1050ක් පමණ වැය කර ඇති අතර ඒ සඳහා ආධාර හිමි වී ඇත්තේ ඇමරිකානු (USAID) වෙතින්.

අභිනවයෙන් විවෘත කළ වනජීවී පුහුණු ආයතනය පොළොන්නරුව දිස්ත්‍රික්කයටම සුවිශේෂී සම්පතක් බවත්, මෙම පුහුණු ආයතනය තුළ විදේශ නිලධාරීන් පුහුණු කිරීමේ මට්ටමට පවත්වාගෙන යාමට හැකි වුවහොත් ස්වභාවික සම්පත් මෙන්ම වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදාගත හැකි බව, අමාත්‍යවරිය සඳහන් කළා.

ඇය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සම්බන්ධයෙන් තිබෙන සුන්දරතාවය හඳුනන්නේ ඉතාම සුළු පිරිසක් බවයි.

ලොව බොහෝමයක් රටවල ජනතාව ශීත දේශගුණය හේතුවෙන් දුෂ්කර ලෙස ජීවත් වන නමුත් මෙරට ජනතාවට එවන් තත්වයකින් තොරව ජීවත් වීමට තරම් භාග්‍යයක් හිමිවී ඇති බවත්, ශීත දේශගුණයෙන් පීඩාවට පත්වන ජනතාවට වරක් හෝ මෙරටට පැමිණිම අතිශය සතුටුදායක තත්ත්වයක් බවත් මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය ඒ සඳහා මහඟු දායකත්වයක් සපයන ස්ථානයක් බවට පත්කළ හැකි බවත් අමාත්‍යවරිය සඳහන් කළා.

වනජිවී දෙපාර්තමේන්තුව රට වෙනුවෙන් විශාල මෙහෙයක් කළ දෙපාර්තමේන්තුවක් වන අතර වනජීවී දෙපාර්තමේන්තුවට මෙවන් ආයතනයක් ඇති කරමින් හොඳ පුහුණුවක් ලබාදීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම ආයතනය රැකගැනීම සියලු දෙනාගේ වගකීමක් වන අතර, මෙම ආයතනයේ නඩත්තුව වෙනුවෙන් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුහුණු සැසි නොමැති අවස්ථාවලදී යම් මුදලක් අයකරමින් බාහිර පාර්ශවයනට දිය හැකි නම් එමගින් එදිනෙදා නඩත්තු කටයුතු කරගෙන යාමට හැකියාව ඇති බව ද අමාත්‍යවරිය පෙන්වා දෙනු ලැබුවා.

ඇය මෙහිදී කියාසිටියේ සිය දිවි දෙවෙනිකොට රාජකාරි කරන වනජීවී නිලධාරීන් වෙනුවෙන් ඔවුන්ට රාජකාරිය තුළ සිදුවන අනතුරු සහ ජීවිතය අවසන්වීම් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇති බව ද අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළා.

සිය දිවිය දෙවැනිකොට රාජකාරි කරන නිලධාරීන්ට ඔවුන්ගේ රාජකාරිය වෙනුවෙන් සහතිකයක් ලැබිය යුතු බවත්, එම නිලධාරීන්ගේ කැපකිරීමට අගයක් ලැබිය යුතු බවත් ඇය සඳහන් කළා.

තමන් අමාත්‍ය ධුරය ලබාගෙන මාස තුනකට ආසන්න කාලයක් තුළ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ අභ්‍යන්තර ගැටලු රාශියක් විසඳීමට කටයුතු කළ බවත්, එම නිලධාරීන් තෘප්තියෙන් සිය රාජකාරි නොකරන්නේ නම් ආයතනය පවත්වාගෙන යාමට නොහැකි බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12