Empty Ad
Empty Ad
 Empty Ad

රට රැකියා සිහින පෙන් වූ පිරිසකට නීතිමය පියවර

විදේශ රැකියා ජාවාරම්වලට සම්බන්ධ ජාවාරම්කරුවන් පිරිසක් නීතිය හමුවට පැමිණවීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මෙම වසරේ පළමු මාස තුන තුළ විදේශ රැකියා ජාවාරම්වලට හසු වී පීඩාවට පත්වූ කාන්තාවන් 170 දෙනෙකුට ද සහන ලබාදී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් රැසකට මේ වන විට නීතිමය පියවර ගෙන තිබෙනවා.

මහජනතාවගේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය පුහුණුව, තාක්ෂණික දැනුම සහ සම්පූර්ණ කළ යුතු ලියවිලි සම්පූර්ණ නොකර ඒ සඳහා සුදුසුකම් නොලබන පිරිස් විවිධ වංචනික ක්‍රම භාවිත කරමින් විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වී තිබෙනවා.

අසත්‍ය තොරතුරු ලබා දී මුදල් වංචාකිරීම්, සාවද්‍ය ලේඛන සකසා රැකියා සඳහා නුසුදුසු අය විදේශ ගත කිරීමට තැත්කිරීම්, ගමන් බලපත්‍ර වීසා පත් වංචනික ආකාරයෙන් වෙනස් කිරීම් සිදුකරමින් ජාවාරම්කරුවන් එම නීතිවිරෝධී කටයුතුවල නිරත වී ඇති බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොර රහසේ ජනාධිපති අත්සන් කරන්න යන දේ එළියට #anurakumaradissanayake #imf
09:13
Video thumbnail
මහින්ද මහත්තයා කිව්ව වගේ අපි දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ නෑ
03:42
Video thumbnail
ගෝඨාභයගෙයි - අනුරගෙයි වෙනස තිබ්බේ ජයමංගල ගාථාකිව්වේ නැති එක විතරයි
03:24
Video thumbnail
මාලිමාවෙන් හරි රට හදනවානම් කමක් නෑ
05:41
Video thumbnail
CIDයෙන් එළියට ආපු හරීන් සියල්ල හෙළි කරයි - ළඟදිම දවසක රනිලුත් CIDයට?
05:25
Video thumbnail
ලොහාන්ගේ බිරිඳ යළි රිමාන්ඩ් - වැරදි කරපු අය ලෑස්ති පිට ඉන්න
01:30
Video thumbnail
අයියෝ දෙවියනේ සැප වාහනයට විපතක් - අලාභය කොහොම දරාගන්නද?
00:59
Video thumbnail
බබාව දැන් අනුර අතට අරන් - සජබ මහ ලේකම් සැරවෙයි #sjb #npp #anurakumaradissanayake
10:15
Video thumbnail
එරන්ග ගුණසේකර සිය ධූරයේ වැඩ බාරගෙන ක්‍රීඩාව ක්‍රීඩාවට ආදරය කරන අයට දුන්න සුබ පණිවිඩය #npp
05:13
Video thumbnail
කැශුවල් ඇඳුමක් ඇඳගෙන ආපු ලාල් කාන්ත දෙන සුපිරි ආතල්
02:57

?