රට රැකියා සිහින පෙන් වූ පිරිසකට නීතිමය පියවර

විදේශ රැකියා ජාවාරම්වලට සම්බන්ධ ජාවාරම්කරුවන් පිරිසක් නීතිය හමුවට පැමිණවීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මෙම වසරේ පළමු මාස තුන තුළ විදේශ රැකියා ජාවාරම්වලට හසු වී පීඩාවට පත්වූ කාන්තාවන් 170 දෙනෙකුට ද සහන ලබාදී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් රැසකට මේ වන විට නීතිමය පියවර ගෙන තිබෙනවා.

මහජනතාවගේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය පුහුණුව, තාක්ෂණික දැනුම සහ සම්පූර්ණ කළ යුතු ලියවිලි සම්පූර්ණ නොකර ඒ සඳහා සුදුසුකම් නොලබන පිරිස් විවිධ වංචනික ක්‍රම භාවිත කරමින් විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වී තිබෙනවා.

අසත්‍ය තොරතුරු ලබා දී මුදල් වංචාකිරීම්, සාවද්‍ය ලේඛන සකසා රැකියා සඳහා නුසුදුසු අය විදේශ ගත කිරීමට තැත්කිරීම්, ගමන් බලපත්‍ර වීසා පත් වංචනික ආකාරයෙන් වෙනස් කිරීම් සිදුකරමින් ජාවාරම්කරුවන් එම නීතිවිරෝධී කටයුතුවල නිරත වී ඇති බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිරේ ඉඳන් ආපු නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
06:01
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.08
00:00
Video thumbnail
සිරගතකළ නාමල් පාර්ලිමේන්තුවේ දී සිදුකරන කතාව
09:31
Video thumbnail
2029 එකෝ මන් ජනපති - එකෝ අනුර ජනපති ?සීලරතන හිමියි - ජනපතියි ග#න්න යන මැච් එක ?
01:29
Video thumbnail
නාමල්ව ඉස්සරහා තියාගෙනම රෝහිත ආණ්ඩුවට සැරටම කියයි
05:59
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා වෙට්ටු දදා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා - "මුන් යකෝ.."තව ටිකෙන් වැදෙනවා ?
01:20
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයට විපක්ෂ නායකතුමාත් යයි
04:55
Video thumbnail
ඔයාටත් මෙහෙම ව්‍යාජ පණිවුඩයක් ආවද ?බැංකු ගිණුම්වල මුදල් හිස් කරන මහා ජාවාරමක්
04:10
Video thumbnail
බිමල්, සජිත් මාරුවෙන් මාරුවට ආදරය ප්‍රකාශ කරගනී
03:26
Video thumbnail
සජිත් ප්‍රසිද්ධියේම ආණ්ඩුවට අභියෝගයක් කරයි
04:04