spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රට රැකියා සිහින පෙන් වූ පිරිසකට නීතිමය පියවර

විදේශ රැකියා ජාවාරම්වලට සම්බන්ධ ජාවාරම්කරුවන් පිරිසක් නීතිය හමුවට පැමිණවීමට පියවර ගෙන ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මෙම වසරේ පළමු මාස තුන තුළ විදේශ රැකියා ජාවාරම්වලට හසු වී පීඩාවට පත්වූ කාන්තාවන් 170 දෙනෙකුට ද සහන ලබාදී ඇති බවයි එම කාර්යාංශය සඳහන් කළේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් නිත්‍යානුකූල නොවන ආකාරයෙන් විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් සහ එම මිනිස් ජාවාරම්වලට සම්බන්ධ බවට හඳුනාගත් පුද්ගලයින් රැසකට මේ වන විට නීතිමය පියවර ගෙන තිබෙනවා.

මහජනතාවගේ ආරක්ෂාව උදෙසා අවශ්‍ය පුහුණුව, තාක්ෂණික දැනුම සහ සම්පූර්ණ කළ යුතු ලියවිලි සම්පූර්ණ නොකර ඒ සඳහා සුදුසුකම් නොලබන පිරිස් විවිධ වංචනික ක්‍රම භාවිත කරමින් විදේශ රැකියා සඳහා පිටත් කර හැරීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වී තිබෙනවා.

අසත්‍ය තොරතුරු ලබා දී මුදල් වංචාකිරීම්, සාවද්‍ය ලේඛන සකසා රැකියා සඳහා නුසුදුසු අය විදේශ ගත කිරීමට තැත්කිරීම්, ගමන් බලපත්‍ර වීසා පත් වංචනික ආකාරයෙන් වෙනස් කිරීම් සිදුකරමින් ජාවාරම්කරුවන් එම නීතිවිරෝධී කටයුතුවල නිරත වී ඇති බවටයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?