ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් පැහැරගෙන ගොස් පහරදීලා

ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන ගාමිනී ප්‍රියන්ත සමරකෝන් වැලිමඩ නගරයේදී පිරිසක් විසින් පැහැගෙන ගොස් අමානුෂික ලෙස පහර දී වැලිමඩ – හපුතලේ මාර්ගයේ දමා ගොස් සිටියදී සොයා ගෙන තිබෙනවා.

ඔහු ඌව පරණගම ප්‍රදේශයේ සිය නිවසට පැමිණ සිටිය දී,වැලිමඩ නගරයට යම් කටයුත්තක් සඳහා පැමිණ ඇති අතර, එහිදී වැලිමඩ පැරණි පාලම අසලදී වෑන් රථයකින් පැමිණි පිරිසක් ඔහු බලහත්කාරයෙන් වෑන් රථයට නංවාගෙන ගොස් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඔහු වැලිමඩ – හපුතලේ මාර්ගයේ දමා ගොස් සිටිය දී සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු මේ වනවිට එහි ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධයෙන් වැලිමඩ හා ඌව පරණගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21 ත් 51 ත් අතර පුද්ගලයන් පස්දෙනෙකු වැලිමඩ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙලෙස පැහැරගෙන ගොස් පහරදීමට හේතු වී ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ ටෙලිනාට්‍යක නිෂ්පාදන කටයුත්තක දී ඇති වූ පුද්ගලික ආරවුලක් බවටයි විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
18
+1
11
+1
2
+1
6
+1
10
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23