අපොස උසස් පෙළ විභාගයේ විෂයන් කිහිපයක් සඳහා උත්තර පත්‍ර ඇගයීම සඳහා පරීක්ෂකවරුන් බඳවා ගැනීමට ලබා දුන් කාලය අද (04) මධ්‍යම රාත්‍රියෙන් අවසන් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එම විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ පරීක්ෂකවරුන්ගෙන් බඳවා ගන්නා බවත් ඒ අනුව එම බඳවා ගැනීම අද මධ්‍යම රාත්‍රී 12.00න් පසු අවසන් බව විභාග දෙපාර්තමේන්තුව චන්වා සිටිනවා.













