ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (27) මුදල් අමාත්‍යාංශයේදී පිළිගන්වනු ලැබුවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 73 වන වාර්ෂික වාර්තාව ලෙස පිළිගන්වනු ලැබූ මෙය ප්‍රධාන කොටස් 04කින් සමන්විත යි.

ඒ අනුව වර්ෂයේ ආර්ථික කටයුතුවල තත්ත්වය පැහැදිලි කරන පරිච්ඡේද 08කින් හා සංඛ්‍යා පරිශිෂ්ඨ 30කින් පළමු කොටස සමන්විත අතර දෙවන කොටස රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද විවිධ වූ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවලට අදාළ ගැසට් හා චක්‍රලේඛ එකතුවකින් සමන්විත වනවා.

මෙම වාර්තාවේ තෙවන කොටස ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තු හා ඒවාට අදාළ කාර්යභාරයන් පැහැදිලි කරන අතර රජය හා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ බැංකු පද්ධතිය හා සම්බන්ධ නීති හා අණපනත්වල ලේඛනයක් සිව්වන කොටසට ඇතුළත්.

මුදල් නීති පනතේ 35 වන වගන්තිය අනුව සෑම වර්ෂයකම එම වර්ෂයට අදාළ ආර්ථික තත්ත්වයන් සහ ගන්නා ලද ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සකස් කොට, අදාළ වර්ෂය අවසන් වී මාස 04ක් ඇතුළත මුදල් අමාත්‍යවරයා වෙත පිළිගැන්විය යුතු යි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර, ආර්ථික පර්යේෂණ අතිරේක අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය එස්. ජෙගජීවන් සහ ආචාර්ය එල්. ආර්. සී. පත්බේරිය යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිල නිවේදනය පහත ඇමුණුම් 01 හි දැක් වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව වෙත පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය.

https://www.cbsl.gov.lk/en/publications/economic-and-financial-reports/annual-reports



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14