“අස්වැසුම” සුබ සාධක දීමනා ජුලි මාසයේ සිට

“අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමය ජූලි 01 වැනිදා සිට හඳුන්වා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන කාණ්ඩ වශයෙන් දීමනා ලබා දීමට නියමිතයි.

මේ යටතේ සුබසාධක දීමනා හිමිවන සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 20ක් පමණ වනවා.

“සංක්‍රාන්තික” යන සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩයමට ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා මාසිකව රුපියල් 2500ක මුදලක් හිමිවනු ඇති.

එම කාණ්ඩයෙන් පවුල් ලක්ෂ 4ක් මෙම දීමනාවට සුදුසුකම් ලබා තිබෙනවා.

“අවදානමට ලක් වූ” යන කාණ්ඩය යටතේ ලබන 2024 වසරේ මාර්තු මස 31 වනදා දක්වා මාසිකව රුපියල් 5000ක දීමනාවක් හිමිවනු ඇති. ඒ සඳහා පවුල් ලක්ෂ 4ක් සුදුසුකම් ලබා ඇති බවයි ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

“දුප්පත්” යන කාණ්ඩය යටතේ ලබන ජුලි මස පළමුවනදා සිට වසර 3ක් දක්වා මාසිකව රුපියල් 8500ක දීමනාවක් ලැබෙන අතර ඒ සඳහා පවුල් ලක්ෂ 8ක් සුදුසුකම් ලබා තිබෙනවා.

“අන්ත දිළිඳු” කාණ්ඩයමට ද ජුලි මස පළමුවනදා සිට වසර 3ක් දක්වා රුපියල් 15000ක මාසික දීමනාවක් ලැබෙන අතර ඊට සුදුසුකම් ලබා ඇති පවුල් සංඛ්‍යාව ලක්ෂ 4ක්.

2328 13 S 1 scaled
2328 13 S 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?