“අස්වැසුම” සුබ සාධක දීමනා ජුලි මාසයේ සිට

“අස්වැසුම” සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමය ජූලි 01 වැනිදා සිට හඳුන්වා දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් සහ අන්ත දිළිඳු යන කාණ්ඩ වශයෙන් දීමනා ලබා දීමට නියමිතයි.

මේ යටතේ සුබසාධක දීමනා හිමිවන සමස්ත පවුල් සංඛ්‍යාව ලක්ෂ 20ක් පමණ වනවා.

“සංක්‍රාන්තික” යන සුබ සාධක ප්‍රතිලාභ ගෙවීම් ලබන සමාජ කාණ්ඩයමට ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා මාසිකව රුපියල් 2500ක මුදලක් හිමිවනු ඇති.

එම කාණ්ඩයෙන් පවුල් ලක්ෂ 4ක් මෙම දීමනාවට සුදුසුකම් ලබා තිබෙනවා.

“අවදානමට ලක් වූ” යන කාණ්ඩය යටතේ ලබන 2024 වසරේ මාර්තු මස 31 වනදා දක්වා මාසිකව රුපියල් 5000ක දීමනාවක් හිමිවනු ඇති. ඒ සඳහා පවුල් ලක්ෂ 4ක් සුදුසුකම් ලබා ඇති බවයි ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

“දුප්පත්” යන කාණ්ඩය යටතේ ලබන ජුලි මස පළමුවනදා සිට වසර 3ක් දක්වා මාසිකව රුපියල් 8500ක දීමනාවක් ලැබෙන අතර ඒ සඳහා පවුල් ලක්ෂ 8ක් සුදුසුකම් ලබා තිබෙනවා.

“අන්ත දිළිඳු” කාණ්ඩයමට ද ජුලි මස පළමුවනදා සිට වසර 3ක් දක්වා රුපියල් 15000ක මාසික දීමනාවක් ලැබෙන අතර ඊට සුදුසුකම් ලබා ඇති පවුල් සංඛ්‍යාව ලක්ෂ 4ක්.

2328 13 S 1 scaled
2328 13 S 2 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01