ජපන් රජය මෙරට ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට උනන්දුවෙන්

ජපන් ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා ඉතාමත් උනන්දුවෙන් බලා සිටින බව ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනි ඉමොටෝ සචිකෝ පවසා තිබෙනවා.

ඇය මේ බව පවසා ඇත්තේ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර පැවති හමුවකදීයි.

වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මෙම හමුව සිදුව තිබුණා.

එමෙන්ම ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිත ආයතනයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සහාය වීමට කැපවී සිටින බව ද ඉමොටෝ සචිකෝ මෙහිදී පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?