මව්කිරි සිර වී බිළිඳෙකු මෙලොවින් සමුගනී

මව්කිරි සිර වී කුඩා බිළිඳෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් මස්කෙළිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අලුත් අවුරුද්ද දී තිබූ පෙරේදා (14) රාත්‍රියේ මෙලෙස අවාසනවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස මාස පහ හමාරක බිළිඳෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මස්කෙළිය – ග්ලැන්ටිල් වතුයායේ පදිංචි සිටි මෙම බිළිඳා මව්කිරි සිරවී මස්කෙළිය රෝහලට රැගෙන විත් ඇති අතර, එම අවස්ථාවේ දීත් බිළිඳා අවාසනාවන්ත ලෙස මියගොස් සිටි බවයි රෝහල් ප්‍රකාශකයෙකු අප වාර්තාකරු සමඟින් පවසා ඇත්තේ.

බිළිඳාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහල වෙත මාරුකර යැවීමටයි කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?