AFC Banner
Empty Ad
Empty Ad

සැමියාගේ පිහි පහරින් තරුණ බිරිය ජීවිතක්ෂයට

ස්වාමිපුරුෂයා විසින් තියුණු ආයුධයකින් පහර දී සිය බිරිඳව ඝාතනය කළ පුවතක් ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (15) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 23 හැවිරිදි වියේ පසු වූ තැනැත්තියක් බවයි පොලිසිය පැවසුවේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති අතර, සැමියා විසින් පිහියෙන් ඇනීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) දින සිදුකිරීමට නියමිතයි.

අපරාධයට සම්බන්ධ සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?