ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ තීරණය අද

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් අද (13) දිනයේ ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

අමෙරිකාවේ වොෂිංටන් හිදී අදාළ රටවල් විසින් ඒ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජපාන මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සඳහා සහාය පළකිරීමට ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ආකාරය පිළිබද අදාළ රටවල මුදල් අමාත්‍යවරුන් විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම අද සිදුකිරීමට නියමිතයි.

වැඩිදුරටත් වාර්තාවන්නේ අමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමට සහභාගී වී සිටින අතරතුර ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මෙම ප්‍රකාශය සිදුකිරිමට නියමිතව ඇති බවයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඊයේ පැවසුවේ ලබන මැයි මාසයේදී චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු විදේශීය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ එකඟතාවන්ට පැමිණීමට අපේක්‍ෂා කරන බවයි.

ඒ අනුව ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ ක්‍රියාවලිය සඳහා නිල කමිටුවක් පත් කරන්නේද නැතහොත් ද්විපාර්ශවික සාකච්ඡා මඟින් අවසන් එකඟතාවකට එළඹෙන්නේද යන්න පිළිබඳ අදාළ රටවල් එහිදී අවසන් තීරණය ප්‍රකාශයට පත්කරනු ඇති.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා ඊයේ පැවසුවේ දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත්ව සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39