ඔන්ලයින් භාණ්ඩ අලෙවි කරන අයට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගික සේවා අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ දුරකථන සහ උපාංග, ගෘහ භාණ්ඩ, පිරිසිදු කාරක, සපත්තු, මුළුතැන්ගෙයි උපකරණ සහ උපාංග, ඇඳ ඇතිරිලි සහ මෙට්ට සහ නිමි ඇඳුම් මෙන්ම ජාල අලෙවිකරණයේ යෙදී සිටින සියලුම වෙළඳුන් පාරිභෝගික සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු බවට දැනුම් දෙමින්.

අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ වෙළෙන්දාගේ ලියාපදිංචි ලිපිනය පදනම් කරගෙන ව්‍යාපාර නාම ලියාපදිංචි අංකය හෝ සමාගම් ලියාපදිංචි අංකය ඉදිරිපත් කර රුපියල් 25000ක මුදලක් ගෙවා පාරිභෝගික කටයුතු අධිකාරියේ වෙළෙන්දෙකු වශයෙන් ලියාපදිංචි විය යුතු බවයි.

එමෙන්ම කිසියම් භාණ්ඩයක් අලෙවි කිරීමේදී මුද්‍රිත හෝ ඉලෙක්ට්‍රොනික ආකෘතියේ කුවිතාන්සියක් හෝ බිල්පතක් පාරිභෝගිකයන් වෙත නිකුත් කළ යුතු වනවා.

කිසියම් භාණ්ඩයක් අලෙවිය ප්‍රවර්ධනය කිරීමේදී හෝ ප්‍රචාරණය කිරීමේදී ව්‍යාපාර හෝ වෙළඳ නාමය, වෙළෙන්දාගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය, නිෂ්පාදනයේ ස්වභාවය, එය භාවිත කිරීම පිළිබඳ උපදෙස්, වගකීම් කාලය, විකිණුම් මිල, ණය ගෙවීම් හෝ වාරික ගෙවීම් ක්‍රම, පහසු ගෙවීම් ක්‍රම පිළිබඳ විධාන, වගකීම් සහ අලෙවියෙන් පසු සේවා පිළිබඳ විධාන එහි ප්‍රවර්ධන හෝ වෙළඳ දැන්වීමේ ඇතුලත් විය යුතුයි.

විද්‍යුත්, ලිඛිත හෝ වෙනත් යම් මාධ්‍යයක් හරහා ප්‍රවර්ධනය හෝ ප්‍රචාරණය කිරීමේදී පාරිභෝගිකයෙකු රවටන හෝ නොමග යවන සුළු ආකාරයට යම් ප්‍රකාශයක් ලිපිනයක් හෝ ලිපිනයක තොරතුරු ඇතුලත් කිරීම, ප්‍රදර්ශනය කිරීම, එවැනි ඡායාරූප හෝ වීඩියෝ පට භාවිත කිරීම ද තහනම් වනවා.

කිසියම් භාණ්ඩයක් අලෙවියට පෙර පාරිභෝගිකයෙකුට හෝ වෙනත් අයෙකුට සූචිගත ආකෘති පත්‍රයක් ලබා දෙන්නේ නම් එම ආකෘති පත්‍රයට වගකීමේ හෝ ප්‍රතිඥාභාරයේ කොන්දේසි අලෙවියෙන් පසු සේවා පිළිබඳ විස්තර සහ සීමා. වගකියන තැනැත්තාගේ නම සහ ලිපිනය. වගකීම් සහතිකය බලාත්මක වන කාල සීමාව. පාරිභෝගිකයෙකුට හෝ වෙනත් තැනැත්තෙුට ඇති ප්‍රතිකර්ම යෙදිය හැකි ක්‍රම. සමාගමේ සහ ඍජු විකුණුම්කාර වෙළෙන්දාගේ සම්පූර්ණ නම. ස්ථිර ලිපිනය. දුරකථන අංකය සහ විද්‍යුත් තැපැල් ලිපිනය කියවිය හැකි සහ තේරුම් ගත හැකි පරිදි පැහැදිළිව ඇතුලත් විය යුතු වනවා.

එමෙන්ම පාරිභෝගිකයෙකු විසින් සිදු කරන ලද යම් ඇණවුමක් දින 7ක කාලයක් තුල අවලංගු කිරීමේ හිමිකම සහතික විය යුතු යි.

1 4 scaled
2 5 scaled
3 4 scaled
4 3 scaled
5 4 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57